මොනවද මේ HTC දුරකතන කියන්නෙ ? එන්න මන් කියල දෙන්නම් .. HTC දුරකතන වල ඉතිහාසය දැනගමු . - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Tuesday, June 02, 2015

මොනවද මේ HTC දුරකතන කියන්නෙ ? එන්න මන් කියල දෙන්නම් .. HTC දුරකතන වල ඉතිහාසය දැනගමු .

Add caption

මන් අද දාන්නෙ වෙන මුකුත් නෙමෙයි .. HTC දුරකතන කියන්නේ මොනවද ? ඒවගේ ඉතිහාසය ගැනයි .. මොකද ඒක ගැන තමයි අපි ගොඩක් ම දැන ගන්න ඕනෙ නේද මුලින්ම .. එහෙනම් ඔන්න බලන්නකො ..


අපි දැන් HTC කියල කිව්වට ඔයගොල්ලො දන්නවඩ HTC කියන එකේ නියම තේරුම මොකක්ද කියල ? 
,HTC කියන්නෙ High Tech Computer Corporation කියන එකට.. මේගොල්ලො ස්මාර්ට් පෝන් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් පරන කට්ටියක් .. හරියටම කිව්වොත් ලෝකේ පලවෙනියටම ස්මාර්ට්පෝන් සයිඩ් එකට අතගැහුවෙ මේ ගොල්ලො තමයි ..samsung,nokia,sony,apple,motorola මේගොල්ලො පෝන් ඉන්ඩස්ට්‍රි එකට ගෝඩාක් පරන අය ... හැබයි ස්මාර්ට්පෝන් ඉන්ඩස්ට්‍රි එකට නෙම්යි ..නෝමල් පෝන් වලට .. හැබැයි HTC ල අනිත් බ්‍රෑන්ඩ්ස් වගේ නිකන් පෝන් හැදුවෙ නෑ .. පටන් ගත්ත දවස් වල ඉදලම ස්මාර්ට්පෝන්ස් ම තමයි හැදුවෙ ... මුලින්ම ස්මාර්ට් පෝන් හැදුවෙ HTC කියන නමින් නෙමෙයි ... ඒ දවස් වල (1997) HTC ලා කරේ එක එක කොම්පනි වලින් දෙන කොන්ට්‍රැක්ට් වලට අනුව පෝන් හදලා ඒ කොම්පනි වල නමින් ස්මාර්ට්පෝන්ස් එලියට දාපු එක විතරයි.. එහෙම කරපු brands තමයි COMPAQ , XDA , O2 කියල කියන්නෙ ... අහලත් ඇතිනෙ නේද? .... මුලින්ම HTC නමින් ස්මාර්ට්පෝන් ගහන්න ගත්තේ 2001 දී .. ඉතින් මේ ගොල්ලො එතන ඉදල ලෝකේ ලොකූ පෙරලියක් ඇති කරන්න ගන්නවා ... මතක තියාගන්න ඒ දවස් වල ඔය apple , samsung ස්මාර්ට්පෝන්ස් හදන්න හිතල වත් නෑ හොදේ .. :පී
1998 HTC පටන් ගන්නව හදන්න ලෝකේ පලවෙනි ටච් පෝන්ස් ... ( 1998) ටච් පෝන්ස් හොදේ .. පිස්සු හැදෙනවා නේද ?
2000 වෙනකොට HTC ටච් experince එක ලෝකේම හොදම හා ජනප්‍රියම experiance එක වෙනවා ...
2001 දී htc හැදුව ලෝකේ මුල්ම ටච් ඇන්ඩ් ටයිප් (touch and type) පෝන්ස් .. (අර බ්ලැක්බෙරි වගේ හොදේ?)

ඔන්න ඔහොම ගිහින් ගිහින් 2005 වෙනකොට HTC හදනවා ලෝකේ පලවෙනි 3G Windows පෝන් එක .. 
ඔහොම ගිහින් 2007 වෙනකොට HTC ටච් experiance එකේ අලුත්ම හදුන්වාදීම සිදුකරනවා අති නව්වින පහසුහකම් සමගින් ..
දැන් තමයි හොදම එක .. 2008 දී HTC ලා හදනවා ලෝකේ පලවෙනි Android පෝන් එක .. නම තමයි HTC Dream(ඔන්න අද දැන ගන්න ලෝකේ මුල්ම ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක හැදුවෙ කව්ද කියක .. ආඩම්බරයි නේද )
ඔන්න ඊලගට 2009 වෙද්දී HTC La ඓලියට දානවා ලෝකේ මුල්ම සහ මේ වෙනකොට ලෝකේ හොදම , ජනප්‍රියම UI එක වන HTC Sense UI 1.0 eka .. මේක ලෝකේ මහත් පෙරලියක් ඇති කරන්න පටන් ගත්තා ...

ඔන්න ඊට පස්සේ 2010 දි HTC හදනවා ලෝකේ පලවෙනි 4G Android පෝන් එක .. නම තමයි HTC Evo 4G
ඔන්න ඉතින් ඔහොම ගිහින් 2011 දී HTC නිර්දේශ වෙනවා ඇමරිකාවේ Largest smartphone vendor
ලෙසට Mobile world congress එකේදී ..
ඔන්න ඔහොම ගිහින් 2012 දී HTC හදනවා ලෝකේ මුල්ම F2.0 Aperture කැමරා කාචයෙන් යුතු ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක .. නම තමයි ඔයගොල්ලො කව්රුත් දන්න HTC One X
ඔන්න ඔහොම ගිහින් 2013 දී HTC හදනවා HTC One M7 ලොව මුල්ම All Metal smartphone එක සහ ලොව මුල්ම Ultrapixel camera එක එන දුරකතනය ලෙස ..
මන් මෙච්චරයි කියන්නේ .. තව කියන්න නම් ගොඩාක් තියනවා ... ඒත් ඒ ටික ඔයගොල්ලොන්ට මන් හෙමීට කියල දෙන්නම් .. මන් හිතනව ඔයගොල්ලොන්ට ගොඩක්ම වටින්නෙ HTC ලගෙ පරන දේවල් ටික.. අලුත් ඒව නම් නිතර කතා වෙනවනෙ ඉතින් .. ඒක නිසා ඔන්න මේකේ HTC ආරම්භයේ ඉදලා තියනවා ...


යද්දි අනිවා මේ වීඩියෝ එකත් බලල යන්න ...



එහෙනම් මන් ගියා ...ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..
                                                                                                                                                - චරණ හර්ෂණ 

7 comments:

Post Bottom Ad

Advertise With Us