ඔයාගේ HTC පෝන් එකේ බැටරි ලයිෆ් එක වැඩි කරගන්න පොඩි දේවල් ටිකක් .. කරලම බලන්න - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Saturday, June 13, 2015

ඔයාගේ HTC පෝන් එකේ බැටරි ලයිෆ් එක වැඩි කරගන්න පොඩි දේවල් ටිකක් .. කරලම බලන්න


අද කියන්න යන්නෙ මන් HTC වල බැටරි බහින එක ගැන හා ඒවා අඩු කරගන්න විදිහ ගැන ...
හොදයි..

HTC අලුත් පෝන්ස් වල ලොලිපොප් අප්ඩේට් කරපු ඒවගෙ නිකන් තියෙද්දි බැටරි බහිනව කියල කියනව .. ගොඩක් අය ...
මෙහෙමයි HTC විතරක් නෙමෙයි .. ඕනෙම ලොලිපොප් අප්ඩේට් කරපු පෝන් එකක බැටරි කිට්කැට් වලට වඩා බහිනවා වැඩී . ඒක අන්ඩ්‍රොයිඩ් OS එකේ හිමිකරුවන් වන Google ආයතනය පිලි අරන් තියනවා .. ඒ වගේම ඒ ප්‍රශ්නය Android 5.1 තරමක් දුරට නිරාකරනය කරලා තියනව .. මේ ප්‍රශ්නය ඇත්තෙන්ම Android 5.0 වල ආපු අව්ලක් නෙමෙයි . android 5.0 එක්ක ආපු ART Runtime එකේ අව්ලක් .. ඒක ගොඩක් අයට තේරෙනවා ඇති .. කිට්කැට් තියෙද්දි තිබ්බ බැටරි ලයිෆ් එකට වඩ ලොලිපොප් අප්ඩේට් කරාම බැටරි එක බහිනවා වැඩි ගතියක් .. ඒක ඉතින් මන් කියන්න ඕනෙ නෑනෙ ඉතින් නේද .. තමන්ටම තේරෙනව ඒක .. මන් කියන්නම් ඒක අඩු කරගන්න පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් ..


1.මුලින්ම් ලොලිපොප් අප්ඩේට් කරපු කෙනෙක් ඉන්නව නම්, ඒ පෝන් එක තාම ලොලිපොප් අප්ඩේට් කරාට පස්සෙ රීසෙට් කරල නැත්තම් මුලින්ම රීසෙට් එකක් දෙන්න .. නැත්තම් ගොඩාක් අවුල් බැටරිය හොදේ ... 

Settings > backup and reset > reset (රීසෙට් ඔයාගෙ පෝන් එකේ ඇප්ස් ඩේට මැකෙනව ඒක නිස ඔයා ඔයාට ඔනෙ දේවල් මොකකට අරි දාගෙන ඉන්න ඉස්සෙල්ලම .... හැබැයි මේක ලොලිපොප් අප්ඩෙට් කරාට පස්සෙ අනිවා අරන්න කියල මන් කියනවා ... අනිවම රීසෙට් එකක් දෙන්න)

2. Settings - wifi - දකුනු අත පැත්තෙ කොනේ උඩ තියන ඩොට් තුනේ බටන් එක - Advanced - Scanning always available කියන එකට දීල තියන ටික් එක් ( හරිය) ඉවත් කරන්න ..




3. යූස් කරන්නෙ නැති වෙලාවට wifi , bluetooth ඕෆ් කරල තියන්න


4. Settings - location - Mode - Battery Saving දෙන්න .




5. Settings -Display - Brightness level එක ඔබල ඒක ඔටෝ බ්‍රයිට්නස් දෙන්න ඒක දීල ඊට පස්සෙ යටින් අඩු වැඩි කරන්න තියන බ්‍රයිට්නස් ස්ලයිඩර් එක අඩුම කරන්න




6.Settings වල More වල NFC කියල එකක් තියනවනම් ඒක ඕෆ් කරන්න


7 . Settings වල Display වල Daydream කියල එකක් තියනවනම් ඒක ක්ලික් කරල ඒක ඕෆ් කරන්න



8. Phone එකේ ඔයා use කරන්නේ නැති ඇප්ස් තියනවනම් ඒව Uninstall කරන්න .. ඒවා Uninstall කරන්න බැරි නම් settings - apps - all -වලට ගිහින් ඇප් එක තෝරලා Disable දෙන්න ...


9. Settings - about phone - software information - More - build number එක හත් පාරක් Click කරන්න .. දැන් ආයෙමත් settings - about phone walata උඩ තියන Developer options wala - Use NUplayer කියල තියන එකට දාල තියන ටික් එක අයින් කරන්න ..


10. Ram cleaner එකක් use කරන්න .. (Clean Master) .. ඒකෙන් දවසකට සැරයක් වත් Junk Files Clean කරන්න .. ගොඩක් අය Clean Master හරි ආකාරව use කරන්න දන්නෙ නෑ .. මන් ඒගැනත් ලගදීම පෝස්ටුවක් දානව .. එතකන් ඔහොම කරන්න ..

හොදයි ... මන් මේ දාපු එකෙන් ඔයගොල්ලොන්ගෙ දැනුමට යමක් ලැබුන නම් යනගමන් කොමෙන්ටුවක් දාගෙන යන්න .. හොද නරක දෙකම බාරගන්න කැමති ..

පුළුවන්නම් share කරන්නත් අමතක කරන්නත්  එපා හරිය .. 

11 comments:

Post Bottom Ad

Advertise With Us