M8 එකට කස්ටම් රොම් එකක් දාන හැටි.. - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Tuesday, June 02, 2015

M8 එකට කස්ටම් රොම් එකක් දාන හැටි..

මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ M8 එකට කස්ටම් රොම් එකක් දාන විදහයි.මීට කලින් අපේ මනුශ සහෝ BOOT LOADER UNLOCK සහ RECOVERY ෆැල්ශ් කිරීම සම්බන්දව පෝස්ට් එකක් දාල තියනව ඒක බැලුවෙ නැති අය මෙතනින් යන්න මොකද ඒ පොස්ට් එක බලන්නෙ නැතුව මේක බලල වැඩක් නෑ.

***---***මුලින්ම ඔයාලට කියන්න ඔනේ මේ දේ කලාට පස්සේ ෆෝන් එකේ වොරන්ටි එක නැති වෙනවා.ඒ වගෙම මේ දේ කරලා අවුලක් ගියොත් මම වග කියන්නෙ නම් නෑ,ඒත් මේ කියල තියන මෙතඩ් එකේ විදිහට කලොත් කොහොමින්වත් එහෙම අවුලක් යන්නෙ නෑ 100% ශුවර් හරිය ***---***

මනූශ සහෝගෙ පෝස්ට් එකේ කියල තියනවා BOOT LOADER UNLOCK අන්ලොක්ක් කිරීම සහ RECOVERY ෆැලෑශ් කිරීම සම්බන්දව.ඒකෙන් පස්සෙ තමයි මේක පටන් ගන්නේ(මුලින්ම මනූශ සහෝගේ පෝස්ට් එක කියවල බලල ඉන්න)

බහිමු වැඩේට

  M8 යූස් කරන ඔයාලා දන්නවනේ අපිට සෙන්ස් 7.0 අප්ඩේට් එන්නෙ ලබන අගෝස්තු මාසෙයි,දැන් ඉතින් අපි පරනයිනෙ මුලින්ම ආවෙ M9 ලොකු අයියට ඊටපස්සෙ තමා අපිට,දුක හිතෙනම ප්‍රශ්නේ තමා අපිට අප්ඩේට් එක ආවත් M9 එකට එන DOLBY AUDIO සිස්ටම් එක අපිට එන්නේ නෑ ඒත් ඉතින් අපිට පුලුවන් අගෝස්තු වෙනකන් බලන් ඉන්නෙ නැතුව කස්ටම් රොම් එකක් හරහා DOLBY AUDIO සහ HARMON KARDON ඕඩියෝ සිස්ටම් දෙකම ෆෝන් එකට දාගන්න.මේ ලින්කුවෙන්.. හම්මේ ඉතින්

1.කෝකටත් හොන්දයිනෙ තියන ඔස් එකෙ බැකප් එකක් ගන්න එක ඉතින් මුලින්ම ඒක කරල ඉම්මු.යන්න  රිකවරියට (VOLUME DOWN + POWER) දැන් වොලිම් ඩවුන් කී එක ඔබලා රිකවරි කියන එකට එන්න  දන් පව්ර් බටන් එක ( සැ.යු මෙ බැකප් එක 5GB වගේ වෙනවා  ඒ නිසා ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරියේ  හරි එක්ස්ටනල් මෙමරියේ හරි 5GB විතර SPACE එකක් හදාගන්න)

දැන් දෙන්න බැකප් දුන්නම මෙන්න මෙහෙම එකක් එයි ඒකෙ SYSTEM/DATA/BOOT වලට දාන්න ටික් 3ක් මෙන්න මෙහෙම
 දැන් swipe දෙන්න බැකප් වෙන්න ටිකක් වෙලා යනවා.දැන් අයේත් ෆෝන් එක reeboot කරල ඔන් කරන්න.දැන් ගහන්න PC එකට ගහල ෆෝන් එකේ ඔයා  බැකප් කරපු තැනට(මෙමරි කාර්ඩ් එකට හරි ඉන්ටර්නල් එකට හරි) ඒකෙ තියනව TWRP කියල ෆෝල්ඩර්  එකක් අන්න ඒක එහෙම්පිටින්ම ඔයාගෙ PCඑකට කට් පේස්ට් කරගන්න.(රිකවරිය TWRP නම් ෆෝල්ඩර් එක TWRP ,රිකවරිය CWM  නම් ෆොල්ඩර් එක CWM) [අනිවාර්යෙන්ම කරන්න]

2.දැන් මෙන්න මේ ලින්කුවෙන් ගිහින් කස්ටම් රොම් එක බාගත කරගන්න 1.53GB වෙනවා,ඔයාලගෙ        පරිගනකයේ IDM ස්තාපිත කරලා තියනවනම් ඉක්මනට බාගන්න පුලුවන්.ෆෝන් එකේන්ම බානවනම් UC    BROWSER හරහා පුලුවන්

3.දැන් එහෙම බාගනිපු ෆයිල් එක ඔයාගෙ ෆෝන් එකේ INTERNAL හරි මෙමරි කාර්ඩ් එකට හරි දාගන්න

4.දැන් ෆෝන් එක ඕෆ් කරලා VOLUME DOWN + POWER ප්‍රෙස් කරන් ඉන්න එතකොට මෙන්න එහෙම   එකකට ඒවි.

5.මෙතනදි ස්ක්‍රීන් එකේ ටච් එක වැඩ කරන්නෙ නෑ ඒ නිසා VOLUME DOWN/UP වලින් උඩට පහලට යන්නත් POWER බට්න් එකේන් සිලෙක්ට් කරන්න තියෙන්නෙ දැන් වොලිම් ඩවුන් කී එක ඔබලා රිකවරි කියන එකට එන්න දන් පව්ර් බටන් එක ප්‍රෙස් කරන්න දැන් එයි මෙන්න මෙහෙම එකකට (කස්ටම්රිකවරියට)



6. දැන් මෙතන දකුනු පැත්තේ තියනව වයිප් කියල අන්න ඒක ක්ලික් කරන්න.
   දැන් ඇඩ්වාන්ස් වයප් දෙන්න එතකොට එයි මෙහෙම එකක්.

7.මේකෙ තියන DALVIK CACHE/SYSTEM/DATA කියන තුනටම දාන්න ටික් තුනක්(වෙන මොකකටවත් එපා) දාලා පහල තියන SWIPE කියන ඊතලේ වයිප් කරන්න පස්සෙ වැටේවි වයිප් සක්සස්ෆූල් කියලා

8දැන් ආයෙත් (RECOVERY) යන්න මුලටම එන්න,අර වයිප් ඩේටා දේන්න ආව තැනට.දැන් එතන වම් පැත්තේ පලවෙනියටම තියන install කියන එකට යන්න ගිහින් ඔයා අර කලින් ඩව්න්ලොඩ් කරපු රොම් එක සිලෙක්ට් කරගන්න කරල ස්ක්‍රීන් එක swipe කරන්න.දැන් වැඩේ හරි එහෙනම් ඕක ON වෙන්න ටිකක් වෙලා යනවා.ඉස්හරට පොඩි පොඩි දේවල් ටිකක් අහයි ඒව්වා ඔයාට කරගන්න පුලුවන්.මතක් කරලම HARMON KARDON ඉන්ස්ටෝල් කරන්න හොන්දේ..1ST ටයිම් ඔන් වෙන්න ටිකක් වෙලා යයි,ගනන් ගන්න එපා පාඩුවෙ බලන් ඉන්න් ඔන් වෙනකන්.

9.මොකක් හරි අවුලක් උනොත් අර කලින් බැකප් කරගනිපු එක රීස්ටොර් කරන්න.මොනව හරි අවුලක් උනොත්,වැඩිපුර දෙයක් දැනගන්න ඔනේ උනොත් අපේ මුහුනු පොතට හරි මේතනට හරි කොමේන්ටුවක් දාන්න.
මෙන්න මෙහමයිලූ ඔන් වූනාම

එහෙනම් අපි ගියා (ඉදිරියේදි BOOT LOADER RELOCK කිරීම හා නැවත STOCK දාගන්න හැටි කියන්නම්)





8 comments:

  1. HTC Desire eye (m910x)ෆෝන් එකට මේ සිස්ටම් එක දාගන්න පුලුවන් ද?

    ReplyDelete
  2. HTC Desire eye (m910x)ෆෝන් එකට මේ සිස්ටම් එක දාගන්න පුලුවන් ද?

    ReplyDelete
  3. Htc desire eye (m910x)පොන් එකට dolby audio සිස්ටම් එක කසටම් රොම් එකක් හරහා දාගන්න පුලුවන් ද?ඒ ගැන මට කියල දෙන්න.

    ReplyDelete
  4. Htc desire eye (m910x)පොන් එකට dolby audio සිස්ටම් එක කසටම් රොම් එකක් හරහා දාගන්න පුලුවන් ද?ඒ ගැන මට කියල දෙන්න.

    ReplyDelete
  5. ow puluwan.. mulinma xda eke oyage phone ekata honda bugs nathi cusom roms thiyenwada kiyala balanna

    ReplyDelete
  6. මම ගාව තියෙන්නෙ HTC one M7 වර්ගයේ ෆෝන 1ක්. ඒත් ඒකෙ boot screen 1 locked & s-off විදියටයි තියෙන්නෙ. (මම aliexpress වලින් ගෙන්නපු 1ක්.) ඒක update කරන්න බෑ. කාලක් විතර run වෙලා red caution mark ඇවිත් නතර වෙනවා. මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම මොකක්ද...??

    ReplyDelete

Post Bottom Ad

Advertise With Us