HTC One M8 කියන දුරකතනය අද ලංකාවේ නොදන්න කෙනෙක් නොමැති තරම් .. මෙම දුරකතනය 2014 වසරේ නිකුන් කෙරුනු අතර එම වසරේ ලෝකයේ හොදම දුරකතනය ලෙසට සම්මාන 5ක් හිමි කරගැනීමට සමත් වූවා ..
ඒ වගේම මෙම දුරකතනයේ තව දුරකතනයක් එනවා HTC One M8 Harman/Kardon Edition කියලා එකක් .. ඒත් HTC One M8 දුරකතනයම තමයි ..වෙනසට ඇත්තේ එම දුරකතනයේ Audio System එක Harman/Kardon Audio වීමයි .. සාමන්‍යය HTC One M8 දුරකතනයේ එන Audio System එක වන්නෙ HTC BoomSound Audio ය .. මේ දෙක අතර වෙනස වන්නෙ M8 එකට ආපු බුම්සවුන්ඩ් සකස් කර ඇත්තේ ස්පීකරයට පමනක් හොද ඕඩියෝ කොලිටි එකක් ලබා දීමටයි .. නමුත් හාමන් කාඩොන් ඕඩියෝ සකස් කර ඇත්තේ දුරකතනයේ ස්පීකරයට මෙන්ම හෙඩ්සෙට් එකටත් ඉතාමත් ඉහල ගනයේ ඕඩියෝ කොලිටි එකක් ලබා දීමට හැකි වන අයුරිනි .. ඇත්තටම කියනව නම් හාමන් කාඩොන් එකේ ඕඩියෝ සාමන්‍ය m8 එකට වඩා තත්වෙන් ඉහලයි .. නමුත් අවාසනාවට එම දුරකතනය ලංකාවේ පරිහරණයට 100% ක් සුදුසු දුරකතනයක් නොවෙයි ..
එයට හේතුව එම දුරකතනය Sprint නම් දුරකතන ජාල සපයන්නා සදහා සෑදූ දුරකතනයක් නිසාවෙනි .. Sprint යනු ලංකාවේ Dialog , Mobitel වාගේ දුරකතන ජාල සමාගමක් ය .. එය ඇමරිකානු සමාගමක් ය .. ඒ කියන්නෙ M8 Harman Kardon Edition එක ඇත්තටම ඇමරිකානු පරිහරණයට සදහා සැකසූ එකකි ..
ඉතින් ඇත්තටම මේ දුරකතය ලංකාවේ පරිහරණයට සුදුසු නැත්තේ මෙම දුරකතනය ප්‍රධාන වශයෙන්ම CDMA දුරකතනයක් නිසාවෙනි .. ඉතින් ලංකාවේ Dialog , Mobitel හා අනෙකුත් දුරකතන ජාල සමාගම් CDMA සිම් දුරකතන වලට ලබා දෙන්නේ නෑ .ඉතින් අපට උපරිමය මෙම දුරකතනයෙන් ලබා ගැනීමට හැකි වන්නේ නෑ .. ලංකාවේ තිබෙන්නේ CDMA Sim නොවෙයි GSM Sim එතකොට අපි ගත යුත්තේත් GSM Sim වැඩ කරන දුරකතනයි... හාමන් කාඩන් M8 එක ප්‍රධාන වශයෙන් CDMA වුනාට එම දුරකතනයේත් යම් ප්‍රමාණයකට GSM වැඩ කරනවා .. 2G නම් සම්පූර්ණයෙන් ම එම දුරකතනයේ වැඩ ..3G නම් සම්පූර්ණ යෙන්ම නම් වැඩ කරන්නේ නැත නමුත් සැලකිය යුතු වේගයකට වැඩ කරනව..නමුත් 4G නම් වැඩ කරන්නේම නැත .. මෙම M8 Harman Kardon දුරකතනයේ අනෙකුත් M8 දුරකතන වල වගේ 2G , 3G බලෙන් තේරීමටද ඔප්ශන් එකක් නැත .. ඉතින් 3G සිග්නල් අඩු පැති වල සිටින අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවනි .. තවත් දෙයක් ,එම දුරකතනයේ නිතරම CDMA සිග්නල් සෙවීමට හුටපු ගන එක එක වින්ඩෝ ඕපන් වෙනව ..විශේශයෙන්ම දුරකතනය ඔන් කරද්දී වගේ . එහෙම වෙද්දි මද වෙලාවක් යනකන් කිසි වැඩක් කරන්නත් බැරි වෙනව ..මොකද ලංකාවේ CDMA සිග්නල් නොමැති නිසා එම දුරකතන වලට එම ඕපන් වෙන වින්ඩෝ එක ටික වේලාවක් තියනවා , තවද Sprint වෙතින් එන ඇප්ලිකේශන් පවා එම දුරකතනයේ තිබෙන නිසා එම ඇප්ලිකේශන් වැඩ කරනකොටත් ඔබය වදයක් වෙන්න පුලුවන් .. කෙසේ වෙතත් HTC ලෝකය කවදාවත් ඔබට එවැනි දුරකතනයක් ගන්නටයි කියා කියන්නේ නැත .. ඉතින් ඔබ නොගෙන ඉන්න තරමට හොදයි ..
නමුත් ඉන්ටෙර්නැශනල් සාමාන්‍ය M8 එකේ මේ කිසිම ප්‍රශ්නයක් නොමැත ..එම දුරකතනය 100%ක් ලංකාවේ පරිහරනය කිරීමට හැකි වන පරිදි සාදා ඇත .. ඉතින් එවැනි සාමාන්‍ය M8 එකක් ගන්න එකේ කිසිදු වරදක් නොමැත .. එය ඉතාමත් හොද දුරකතනයක් වන අතර 100%ක් ලංකාවේ කිසිදු ප්‍රශ්නයකින් තොරව පරිහරනය කරත හැකියි ..එම දුරකතනය GSM වන අතර 4G ද ලංකාවේ ඉතාමත් උසස් අයුරින් වැඩ කරයි ..
ඉහත Sprint දුරකතනයේ තිබෙන ගැටලු කිසිවක් මෙම දුරකතනයේ ඇතුලත් වන්නේ නැත .. ඉතින් HTC ලෝකය වන අප ඔබට ගන්න කියන්නේ එම M8 දුරකතනය පමණි ..
ඉහත Sprint දුරකතනයේ තිබෙන ගැටලු කිසිවක් මෙම දුරකතනයේ ඇතුලත් වන්නේ නැත .. ඉතින් HTC ලෝකය වන අප ඔබට ගන්න කියන්නේ එම M8 දුරකතනය පමණි ..
සාමන්‍ය M8 දුරකතනයක් හා Harman kardon M8 දුරකතනක් හදුනා ගැනීමට වෙනස්කම් කිහිපයක් පහතින් දැක්වේ ..
මේ පිලිබඳ හෝ වෙනත් යම් දෙයක් පිලිබඳ ඔබට යම් ගැටලුවක් ඇතිවුවහොත් පහලින් කොමෙන්ටුවක් දමන්න .. එවිට අපට ඔබේ ප්‍රශ්නයකට විසදුමක් දිය හැක
මේ පිලිබඳ හෝ වෙනත් යම් දෙයක් පිලිබඳ ඔබට යම් ගැටලුවක් ඇතිවුවහොත් පහලින් කොමෙන්ටුවක් දමන්න .. එවිට අපට ඔබේ ප්‍රශ්නයකට විසදුමක් දිය හැක
![]() |
HTC One M8 Harmon/Kardon Audio Edition |
![]() |
Box Of The International HTC One M8 (Left) vs Box Of The Harman Kardon M8 (Right) |
mage HTC M8 ekak tiyenne ekata supercid dala s-off karala tiyenne. e nisa system update install wenne na. plz mata eka hadaganna ona. eka hadaganna widihak kiyanna. loku udawwak!
ReplyDeletehadanna puluwan .. Phone eka thibba thathweta ganna one .. Call karanna man hadala dennam 0779335150
DeleteHTC m8 sense 6 ekak thynwa...Eka sense 7 krgnt pluwn d?
ReplyDeleteHTC One M8 Ekata Android 6.0 with HTC Sense 7.0 Update eka awilla thiyenne . aye amuthuwen karanna deyak na Oyage Phone ekatath Aniwaryayen Update eka awilla thiyenna one
Deletemage eke penannhe bro
DeleteMachan man gawa thiyenne m8 h/k version ekak. Eke machan h/k audio enne nane ban. Boom sound vitharai thiyenne. Thawa machan hand free activation kiyala message ekak enawa. Wedak karagannawath bae.
ReplyDeleteT mobile m8 kohomada????
ReplyDeleteHTC one M8 eke video calls gnna baa neda..?
ReplyDeletethawa call ekak eddi busy messages ywannath baa neda?
Ayyo mageth tiyenneth Harman kardon M8 ekak.danne netuwa gaththee
ReplyDeleteඔරිජිනල් Htc M8 එකකයි,ෆේක් Htc M8(ක්ලෝන් Htc M8) එකකයි වෙනස හදුන ගන්නෙ කොහොමද?
ReplyDeletehtc m8 system eke 4g kiyala pennwa sim ekath 4g but phone eke 4g signal enne na
ReplyDelete